කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරි තෙමස තුළ

පූජිතට හා හේමසිරිට මහාධිකරණයෙන් නියෝගයක්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි