ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය ජනවාරි 29 සිට

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර සිටී.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දින දක්වාත්, දෙවන තරගය පෙබරවාරි 06 සිට පෙබරවාරි 10 දින දක්වාත් පැවැත්වීමට නියමිතය.

මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ අතර තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.

එම තරග දෙක දිවා තරග ලෙසින් 2025 පෙබරවාරි 12 සහ පෙබරවාරි 14 යන දිනවල පැවැත්වේ.

Related posts

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවන අදියර නොවැම්බරයේදී ඇරඹේ

‘සමප ෝෂ ළාත් ාසල් ක්‍රීඩා උපළල 2025’ 09 වන වරටත්

2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ හොකී කණ්ඩායම් වෙත විෂන් කෙයා අනුග්‍රාහකත්වය