සටහන..අරුනඩෙල් විජේරත්න
ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල ?
අපි ඔය වචනෙ අහලා තිබ්බට ඔක ගැන දන්නෙ නෑනේ එත් ඔයාගේ අම්මලගෙන් හරි ආච්චිලාගෙන් හරි ඔක ගැන අහුවොත් එක ගැන ගොඩක් දේවල් කියයි
ඔය උදුම්බර මල කියන්නේ ගොඩක් ලොකු පූජනීය මලක් , ඒක පිපෙන්නේ වසර 3000ට සැරයක් වගේ. ඔය මලට මැරිච්ච ගහක උනත් හට ගන්න පුලුවන්, ඔය මල වත්තේ පිපුනොත් ලොකු වාසනාවක් වගේ එක එක දවල් කියයි ඔයාලගේ වැඩිහිටියෝ . ඒත් ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල කියන්නේ
ඇත්තම කතාව කිවුවොත් මේක මලක් නෙමෙයි !!
මොකා… සිරාවටම ? එතකොට ඔය කට්ටිය කියවන්නේ , එක ජනප්‍රවාදයක්ද ?
නෑ නෑ ජනප්‍රවාදයක්ද නෙමෙයි හැබැයි ඔය උදුම්බරා මල කියන එක මලක් නෙමෙයි . ඒ කෘමියෙක් දාන බිත්තර වගයක්
ඉතිං කියන විදිහට මෙයාල නිකම්ම නිකම් කෘමී විශේෂයක් නෙමෙයි අපේ ජෛව ගෝලයට ඉතාමත් ලොකු මෙහෙවරක් කරන කෘමියෝ ජාතියක්. මොකද මේ Lacewingsලගේ සමහර අය කෘමියනව හා උන්ගේ බිත්තර අහාරයට ගන්නවා ඉතිං එක නිසා මේ Lacewingsව සමහර කෘමියනව පාලනය කරන්න යොදාගන්නලු .
ඔන්න මේක තමයි උදුම්බරා මලේ ඇත්තම කතාව. රට බේරගන්න කුමාරෙයෙක් පහළ වෙනවා කියලා එන ඉගියක්වත් , දිව්‍යමය මලක්වත් නෙමෙයි . පොඩි කෘමියෙක් දාන ලස්සන බිත්තර වගයක් තමයි මේ..