ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා – නාමල් රාජපක්ෂ

සටහන..ඩබ්ලිව් ජයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නැතැයිද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු සියලුම විපක්ෂයේ සාමාජික සාමාජිකාවන්ට මෙම සම්මේලනයට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

සාම්ප්‍රදායික ලෙස සිරිකොතේ සම්මේලනය නොපවත්තා සියලු දෙනාට ළඟා විය හැකි ස්ථානයක එය පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි