අපි කොයි වෙලාවෙවත් ලයිට් බිල් වැඩි කරන්න කිව්වේ නෑ, හැබැයි රට අඳුරට ගියොත් කරන්න දෙයක් නෑ – කෝසල

සටහන..ඩබ්ලිව් ජයසිංහ

ලංවීම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ විසින් විදුලිබල මණ්ඩල සේවක ඉල්ලීම්වලට ආණ්ඩුව සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනයකට යැම නොවැළක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.

තවද එසේ වුවහොත් ජනතාවට සිදුවන අපහසුතා, ආර්ථික ලෙස සිදු විය හැකි පාඩුවල වගකීම ද සම්පූර්ණයෙන් භාරගත යුතුව ඇති බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම ගැටලුවලට විසඳුම් ලබාදීමට අවස්ථාව ලබා දුන්නත් ආණ්ඩුව එය මග හැර හිතුවක්කාර ගමනක් යන බව ද ඔහු පවසයි.

එසේම සභාපතිවරයා කියා සිටියේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයට ආණ්ඩුව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බැවින් මේ සති අන්තයේ ලබාදීමට නියමිත ඇතැම් සේවා අඩපණ විය හැකි බවයි.

මේ අතර සේවක වරප්‍රසාද පෙන්වා විදුලිය ගාස්තු වැඩි කිරීමට මණ්ඩලය සුදානම් වන බවත් සේවකයන් කිසි විටෙක ගාස්තු වැඩි කිරීමක් පිළිබඳ ඉල්ලීමක් කර නැති බවත් යළි ගාස්තු වැඩි කිරීමකට යෑම විදුලි බල වෘත්තීය සමිතිවල දැඩි විරෝධය පළ කරන බවත් ඒ මහතා සඳහන් කළා.

Related posts

අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන්

සේවකයින්ට අයිස් බෙදූ කොළඹ මහ නගර සභා කා.කා.ස අත්අඩංගුවට

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි