අධික හිරු රැසින් මුවාවෙමු

සටහන – පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

මෙම දිනවල පවත්නා අධික හිරු රශ්මිය බොහෝ දෙනෙකුට මහත් හිරිහැරයක් ගෙනදේ. මෙම උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් බොහෝ විට අධික පිපාසයක් දැනෙන අතරම දෑස් වලට මෙන්ම ශරීරයටද මහත් වෙහෙසකාරී තත්ත්වයක් දැනේ.

මෙම තත්ත්වය හමුවේ අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් වෙමු.

  • පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කරන්න. වැඩිහිටි කෙනෙකු අවම වශයෙන් දිනකට ලීටර 5ක් වත් ජලය පානය කළ යුතුය.
  • පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.
  • අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳින්න.
  • පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කරන්න.
  • මෙම දින වල හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් අඳින්න.
  • එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවන්න.
  • වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වන්න.

ඉහත කරුණු සියල්ල පිළිබඳ සැලකිලිමත් වීමෙන් අධික උෂ්ණත්වයෙන් ඇතිවන පීඩා අවම කරගත හැකිවනු ඇත. ඉහත කරුණු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දැනුවත් කිරීමක් ආශ්‍රෙයනි.

Related posts

මඩුවන්වෙල වලව්වේ විත්ති

අපේ වැව් වනසන ආක්රමණික ශාක

රට රටවල අරුම පුදුම අවමංගල චාරිත්‍ර